gossip lanka

නිමල් සිරිපාල-අනුරයාපා-එස්.බී. ඇමතිවරුන් හිටපු ජනපති මහින්ද හමුවේ…. අලූත් ආණ්ඩු සාකච්චා ඉදිරියටම..(exclusive)

එක්සත් ජාතික පක්‍ෂය ඉවත් කර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් ඒකාබද්ද විපක්‍ෂයේද සහායෙන් පිහිටුවීම සදහා වන සාකච්චා තව දුරටත් කරගෙන යාමට ශ‍්‍රිලනිප ඇමති පිරිසක් කටයුතු කරමින් ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මේ සදහා කමිටුවක්ද පත් කර ඇති අතර ඔවුන් පසුගිය බදාදා (21) මහින්ද
රාජපක්‍ෂ හිටපු ජනපති මණු ගැසී සාකච්චා කර ඇති බවද සදහන්ය.

මෙම කමිටුව නියෝජනය කරන්නේ නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, එස්.බී. දිසානායක යන ඇමතිවරුන්ය.

ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ද විපක්‍ෂයට අවම තරමින් ඇමති ධුර පහක් බාර ගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් හිටපු ජනාධිපතියරවාගේ පාර්ශවයෙන් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් සාකච්චා තව දුරටත් කරගෙන යාමට දෙපාර්ශවයම එකග වී ඇත.