gossip lanka

සුසිල් ඇමතිකම් නොගනියි !

යහ පාලන ආණ්ඩුවේ හෙට (25) පැවැත්වෙන දෙවැනි කැබිනට් සංශෝධනයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යධූරයක් නොගැනීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.

ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම් කරන ආණ්ඩුවක
අමාත්‍යධූර නොගන්නා බවට පලකර තිබූ මතය අනුව අදාළ තීරණයට එළඹ ඇති බව පැවසේ.

ප්‍රේමජයන්ත මහතා කැබිනට් සශෝධනයට සහභාගි නොවී හෙට (25) හිමිදිරියේ විදෙස්ගතවීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, ප්‍රේමජයන්ත මහතා හෙට සහභාගිවන්නේ ඔහු විසින් කලින් යොදාගත් විදෙස් ගමණක් බව ඔහුගේ හිතවතුන් කියා සිටී.

ඇමතිකම් නොගැනීමට තාම තීරණයක් නෑ - දයාසිරි

මේ අතර, අපි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන්ද අමාත්‍යධූර නොගැනීමට තීරණයක් ඇත්දැයි කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රීලනිප කණ්ඩායම සමඟ සාකච්ඡාවක් ඇති බවත්, අමාත්‍යධූර භාර නොගෙන සිටීමට තවම තීරණයක් නොමැති බවයි.