gossip lanka

ෆෙස්බුක් තහනම දිගටම, තහනම ඉවත් කරන්න නම් ෆෙස්බුක් ආයතනයෙන් ආණ්ඩුව සහතිකයක් ඉල්ලයි .

ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම අවහිර කර අදට දින 06ක් ගත වනවා.ශ්‍රී ලංකාවට පැනවූ ෆෙස්බුක් ඇතුලූ‍ සමාජජාලා තහනම දිගටම පවත්වා ගැනීමට රජය තීරණය කර තිඛෙනවා. ෆෙස්බුක් පමණක් නොව වයිබර් සහ වට්ස්ඇප් යෙදවුම්ද ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට
රජය ක්‍රියා කර තිඛෙනවා.

මේ අතර වට්ස්ඇප්, වයිබර් යෙදවුම් තහනම් වීම තුල විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකාවේ සිය හිතවතුන් සමග ඇමතුම් ලබා ගැනිමද සීමා වී තිඛෙන බවට පැමි‚ලි දැක ගත හැකි වූ අතර,පොදුවේ සමාජජාලා තහනම සංචාරක ව්‍යාපාරයට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථීකයටද විශාල පාඩුවක් බවට ආර්ථීක විශේෂඥයින් පවසා තිබුනා.

මෙම තහනම ඉවත් කරන දිනය පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති අතර ˜‍ වෛරි ප්‍රකාශ සියල්ලම ඉවත් කරන බවට˜‍ ෆෙස්බුක් ආයතනය මගින් ශ්‍රී ලංකා රජයට සහතිකයක් ලබා දෙන තුරු මෙම තහනම ඉවත් නොකරන බවට රජය පවසනවා. කෙසේ වෙතත් ෆෙස්බුක් ආයතනය ඒ සදහා ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නෑ.

මේ අතර අමාත්‍ය දයා ගමගේ ඊයේ දිනයේ (12) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ ˜‍ෆෙස්බුක් ඔස්සේ අපහාස කරන්නන් බුද්ධි අංශය මගින් අල්ලා ගැනීමට˜‍ බලාපොරොත්තු වන බවයි. මෙහිදි සමාජජාලා ක්‍රියාකරීකයන් ප්‍රශ්න කර තිබුනේ බුද්ධි අංශ යොදවා අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ කුමන පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට එරෙහිව අපහාස කරන පුද්ගලයන්ද යන වගද ප්‍රකාශ කරන ලෙසයි. මේ අනුව සමාජජාලා වාරණයේ අරමුණ ආණ්ඩු විරෝධය යටපත් කිරීමදැයිද ඔවුන් ප්‍රශ්න කර තිබුණා.
තාවකාලික ත‍්ජැඉදදන තහනම ගැන පළ වන ජනතා අදහස්