gossip lanka

බන්දුට චීනයෙන් ආචාර්ය උපාධියක්

ඒකාබද්ධ විපක්ෂ කොළම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධ මහතා චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. චීනයේ බීජිං විදේශ අධ්‍යන විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද ශීෂ්‍යත් වයක් යටතේ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද චීන ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබදව පර්රේෂණාත්මක
නිබන්ධනය වෙනුවෙන් මේ ආචාර්ය උපාධිය හිමි වී තිබේ.

1952 සිට 2014 දක්වා කාලය තුළ චීනය හා ශ්‍රී ලංකාව අතර පැවැති ආර්ථික හා වානිජ සම්බන්ධතා පිළිබදව මේ පර්රේෂණ නිබන්ධනය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබදව වාචික පරීක්ෂණය චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්විද්‍යාලයේදී ඉකුත්දා පැවැත්විණි.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් 5ස් දෙනකුගේ අධීක්ෂණය යටතේ පැවැති එම වාචික පරීක්ෂණයේදී බන්දුල ගුණවර්ධන මහතාගේ පර්යේෂණ නිබන්ධනයට විශිෂ්ට සාමාර්ථයක් හිමි වී ඇත.

ඒ අනුව චීනයේ බීජිං විදේශ අධ්‍යන විශ්වවිද්‍යාලයෙන් බන්දුල ගුණවර්ධණ මහතාට ආචාර්ය උපාධිය පිරිනැමීම එහි උපකුලපති මහාචාර්ය ජීආ වෙන් ජීඇන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා (16දා) පස්වරු 5ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදී සිදු කෙරේ.

හැම්බන් අධ්‍යාපන සැලැස්ම යටතේ චීනයේ බීජිං විදේශ අධ්‍යන විශ්වවිද්‍යාලය 2013 වසරේදී එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදැරීම සදහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට ශීෂ්‍යත්ව පිරිනැමුණු අතර එවකට අධ්‍යාපන ඇමැතිව සිටි බන්දුල ගුණවර්ධන මහතාත් එවකට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ කරුණාතිලක අමුණුගම මහතාත් ඒ සදහා තෝරා ගනු ලැබිණි.