gossip lanka

එජාපයට නව නායකයෙක් පත් කර ජනාධිපතිවරණය දිනන බව ඇමති දිලිප් වෙදආරච්චි කියයි

ඉදිරි දිනවලදී එක්සත් ජාතික පක්‍ෂයට නව නායකයෙක් පත් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

පිපෙනවා යයි කියන පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට
පත් කල හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

බිම් මට්ටමේ නායකයන් දවස පුරා එකතු කරන ඡන්ද ඉහල මට්ටමේ නායකයන් විසින් රාත‍්‍රියේදී රූපවාහිනියේ පවත්වන එක කතාවකින් නැති කර දැමූ බවද ඔහු කියයි.

ස්ථිර වශයෙන්ම නව නායකයෙක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය රටේ පාලන බලය ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අතිශය සමීපතමයා ලෙස සැලකෙයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස එජාප නායකයා කර ඊළග ජනාධිපතිවරණයට ඔහු ගෙන එන බවට ඇමති වෙදආරච්චි විසින් කරන ලද මෙම ප‍්‍රකාශයෙන් ප‍්‍රබල ලෙස ඉගි කර ඇති බව සැලකිය හැකිය.

එක්සත් ජාතික පක්‍ෂය තුලද මේ වන විට කණ්ඩායම් කිහිපයක් විසින්ම ප‍්‍රබල ලෙස කියා සිටිනුයේ නායකත්වයේ ප‍්‍රබල වෙනසක් සිදු විය යුතුම බවත් නැතහොත් විශ්වාස භංග ක‍්‍රියාමාර්ගයකට අවතීරණ වන බවත්ය.