gossip lanka

‘පැයක් දෙන්නම් ගහල පලයල්ලා.. පොලීසිය මහනුවර කැරලිකරුවන්ට කියලා..’- කැබිනට් ඇමතිගෙන් ප‍්‍රබල චෝදනාවක්..

‘උඹලට පැයක් දෙන්නම් ගහල පලයල්ලා’ යයි පොලීසිය මහනුවරදී කැරලිකරුවන්ට ඉඩ දී ඇති බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා සදහන් කරයි.

ඇතිවූ කලහකාරී සිදුවීම ගැන මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී
පැවති සාකච්චාවකදී ඇමතිවරයා මේ බව කීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ ප‍්‍රදේවාසී පන්නා දැමූ බවත් ඉන් පසු පහර දීම සදහා කැරලිකාරයන්ට අවස්ථාව සලසා දුන් බවත් එම ප‍්‍රදේශයන්හි ජනතාව පවසන බව ඇමතිවරයා එහිදී සදහන් කලේය.

‘සමහර ප‍්‍රදේශවලදී මට කිවුවා පොලීසිය කියල තිබුණ උඹලට පැයක් දෙන්නම් ගහල පලයල්ල කියල’ යයිද ඇමතිවරයා පැවසීය.