gossip lanka

රංජිත් පාතාලෙ මර්දනයට සැරසෙද්දී මන්ත්‍රීකෙනෙක් පාතාලෙට සෙට්වෙලා !

ෆෙස්බුක් ඇතුළු සන්නිවේදන මෙවලම් වැරදි වැඩ සඳහා භාවිතා කරන්නේ 1% ක ප්‍රමාණයක් බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

අමාත්‍යවරයා මේබව පැවසුවේ ඊයේ (12) රූපවාහිනී සම්මුඛ
සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔහු කියා සිටියේ 99%ක ප්‍රමාණයක් මෙහි ව්‍යාපාර කටයුතු ඇතුළු සමාජීය වටිනාකමක් ඇති කරුණු කාරණා සඳහා යොමු කරන බවයි.

මේ 1% ප්‍රමාණයේ වැරදි නිසා අනෙක් 99% ටම දඬුවම් විඳීමට සිදුවූ බවද ඒ මහතා කියා සිටියේය.

පාතාලය මර්දනය කරනවා

මේ අතර, පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනය කිරීමට උපරිමයෙන්ම කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

දේශපාලකයන් පාතාලය හා සම්බන්ධව සිටියද කිසිම ප්‍රශ්නයකින් තොරව පාතාල මර්දනය කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේවුවද, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෙරේදා (11) වැලිගම, මීදිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවූ මිනීමැරුම් ගණනාවකට හා ව්‍යාපාරිකයන් බියවද්දා කප්පම් ගැනීම්වලට සම්බන්ධව අත්අඩංගුවට ගත් පාතාල නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු මුදාහරින ලෙස දේශපාලඥයකු පොලිසියට තර්ජනය කරමින් සිටින බව අද 913) ලංකාදීප පුවත්පත වාර්තාකර තිබේ.

මුදාගැනීමට උත්සාහ කරන අය IRC ලයිස්තුවේද සිටින ලසන්ත නැමැත්තෙකු බව පැවසේ.

මෙසේ අත්අඩංගුවට පත් අනෙක් අය වන්නේ චින්තක මල්ලී හෙවත් හරක් කටා නැමැත්තා බවද පැවසේ.

චින්තක මල්ලී අත්අඩංගුවට පත්ව ඇත්තේ අත්බෝම්බයක් හා හෙරොයින් සමඟය.

මොවුන් පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා ගැනීමේ නියෝගමත රඳවාගෙන මේවන විට ප්‍රශ්නකරමින් සිටින බව පැවසේ.