gossip lanka

සෞදි හාම්පුතෙක් ලාංකික ගෘහ සේවිකාවක් ඝාතනය කර සිය දිවි නසා ගනී

සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙඩි තබා ඝාතනය කර තිබේ.

සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ,  ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය
කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි.

පසුගිය සෙනසුරාදා සිදු ව ඇති මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, ප්‍රියංකා ජයශංකර් නමැති 42 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි.

සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ,  ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි.

ඉදිරි නීතිමය කටයුතු සඳහා ඇයගේ මෘත දේහය අල්-රාස්හි රෝහලක තැන්පත් කර ඇතැයි, එම වර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

සෞදි පොලීසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වර්තා කරන්නේ, ඇය සේවය කළ නිවස තුළදී ම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

30 හැවිරිදි ඝාතන සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.