gossip lanka

16 කණ්ඩායම වෙනුවෙන් අමරවීර හා දුමින්ද සටනට !

විශ්වාසභංගයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය මන්ත්‍රී කණ්ඩායමට එරෙහිව එල්ල වන බලපෑම්වලදි ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව එක්සත් ජනතා මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (08) සවස පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව
පැවසීය.

විශ්වාසභංග‍ යෝජනාව ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඒ වෙනුවෙන් මැදිහත් වුණ කණ්ඩායම විසින්ම පැවසූ බවත්, එවිට තම පක්ෂය විරුද්ධ වීමෙන් සම්පූර්ණ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට බාර දී එළියට වී සිටිනවා ද එසේත් නොමැති නම් ආණ්ඩුවේ සිටිමින් ජනතාවට වැඩක් කරනවාද යන්න පිළිබඳ කල්පනා කළ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින මන්ත්‍රීවරුන් 25 දෙනාම ඡන්දය ලබා දුන්නත් විශ්වාසභංග යෝජනාව පරාජය වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අවසරය මත බහුතර මතයට ගරු කළ බවත් පක්ෂව, විපක්ෂව ඡන්දය ලබා දීමෙන් වැළකී මධ්‍යස්ථව කටයුතු කළ බව ද පැවසු අමාත්‍යවරයා ඉන් අනතුරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට එ‍රෙහිව විශ්වාසභංග‍යක් ගෙන ඒමට කටයුතු කළ බව ද කියා සිටියේය.

ඔවුන් සියලු දෙනා ලිඛිතව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තොර දේශපාලනයක් නොකරන බවට පොරොන්දු වී ඇති බවත් එනිසා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

වීඩියෝ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ විශ්වාසභංගයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය මන්ත්‍රී කණ්ඩායමට එරෙහිව එජාපයෙන් බලපෑම් පැමිණියද ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනීසිටින බවයි.

''අපි ඉතාමත් පැහැදිලිව පක්ෂයක් විදිහට අපේ පාක්ෂියකයෝ ආරක්ෂා කරන්න අපි හිටගන්නවා'' ඔහු අවධාරණය කර

සිටියේය

වීඩියෝ