gossip lanka

සෑම රාජ්‍ය ආතනයකටම අල්ලස් කොමිසමේ බ්‍රාන්ච් එකක් !

සෑම රාජ්‍ය ආයතනයකම අල්ලස සහ දූෂණය පිටු දැකීම සඳහා විශේෂිත ඒකකයක් ස්ථාපිත කිරීමට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

එහි සභාපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතන තුළ සිදුවන අල්ලස සහ දූෂණය පිටු දැකීම එහි අරමුණ බවයි.


හොංකොං, මැලේසියාව සහ භූතානය යන ආසියාතික රටවල් අල්ලස සහ දූෂණය තුරන් කිරීමට භාවිත කළ ක්‍රමවේද පදනම් කර ගනිමින් මෙම ඒකකය ස්ථාපිත කෙරෙනු ඇති.