gossip lanka

විපක්ෂනායකට එරෙහි විශ්වාසභංගයක් !

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළද, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව මැයි මාසයේදී ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පැවසීය.

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 19 දා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කිරීමට සුදානම්ව සිටි බවද ඔහු 'ඉරිදා මව්බිම' පුවත්පතට ද ප්‍රකාශකර ඇත.

සැබෑ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 54 සිට 70 දක්වා වැඩිවී ඇති බවත් මේ අනුව විපක්ෂයේ නියම භූමිකාව කිරීම සඳහා විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවත් රංජිත් ද සොයිසා මහතා පවසයි.

විපක්ෂයට පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 16 දෙනා සමඟ මේ සඳහා සාකච්ඡා කරන බවද ඒ මහතා සඳහන් කර තිබේ.

මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ සැබෑ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බවයි.