gossip lanka

ගිය ඡන්දෙන් ගත්ත ලක්‍ෂ 13 එන ඡන්දෙන් ලක්‍ෂ දෙකට වැටෙනවා.. ශ‍්‍රීලනිපය වැලලෙනවා..- දයාසිරි

ජාතික ආණ්ඩුව තුල තව දුරටත් ඉන්නා තරමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැරි වැලලුනු පක්‍ෂයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂය සමග කකුල් තියාගෙන සිටිනා අයට තව දුරටත් ශ‍්‍රීලනිපය තුල සිටීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවද ඉදිරි මධ්‍යම
කාරක සභවෙන් පසු ඔවුනට තීන්දුවක් ගත හැකි යයිද ඔහු කියා සිටී.

මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් පසුගිය මැතිවරණයේදී ලැබුනු ලක්‍ෂ 13ක ඡන්ද ප‍්‍රමාණය ඊළග මැතිවරණයේදී ලක්‍ෂ දෙකකට තුනකට අඩුවනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පෙරහැර දැන් කනත්තේ ගේට්ටුවෙන් ඇතුළු වී ඇති බවත් එජාපය සමග දේශපාලනිකව වැලලීමට තමන් ඇතුළු කණ්ඩායම කිසිදු සූදානමක් නැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.