gossip lanka

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියත් දුමින්ද-අමරවීර එජාපය සමග පෙරටම..

ආණ්ඩුවෙන් ඉවත් නොවී තව දුරටත් ආණ්ඩුව තුල රැදී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් වැඩ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට උවමනා ආකාරයට බව හිටපු ඇමති ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එම පිරිස ඉදිරියේදීද එක්සත් ජාතික පක්‍ෂයට උවමනා
ආකාරයට කටයුතු කරමින් සිටිනු ඇති බවද ඔහු සදහන් කරයි.

මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක එම පිරිසට අයත්දැයි මාධ්‍යවේදීන් කල විමසීමේදී ඩිලාන් පෙරේරා මහතා එය අනුමත කලේය.