gossip lanka

තහනම් ග්ලයිෆොසෙට් තොග කොළඹ වරායට

නීති විරෝධී ලෙස ග්ලයිෆොසෙට් තොගයක් නැවතත් කොළඹ වරායට ළඟා වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසුවේ නීතිවිරෝධි ලෙස ග්ලයිෆොසෙට් තොගයක් මීට සති කිහිපයකට පෙර කොළඹ වරායට ළඟා වූ බවයි. එසේ තිබියදී තවත්
තොගයක් මේ වන විට කොළඹ වරායට ළඟාවෙමින් පවතින බවත් මෙලෙස නීතිවිරෝධි ලෙස මෙරටට ග්ලයිෆොසෙට් ගෙන්වන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

වගාබිම්වල මෙන්ම තේ වතුවලට ග්ලයිෆොසෙට් ඇතුළු වස විස එකතු වීම නිසා ජල‍පෝෂක ප්‍රදේශවලට වසවිස එකතු වී ඇති බව හෙතෙම අවධාරණය කළේය. හඳුනානොගත් වකුගඩු රෝග, පිළිකා ඇතුළු රෝග සඳහා විවිධ රසායනික අපද්‍රව්‍ය බලපා ඇති බවද ඒ මහතා කීය. මේ වනවිට වැඩිහිටියන්ට අමතරව දරුවන්ද අඩු වයසින් පිළිකා සහ වකුගඩු රෝගවලට ගොදුරු වෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

 මෙවැනි තත්ත්වයන් තුළ ග්ලයිෆොසෙට් තහනම දිගටම පවත්වා ගෙන යා යුතු බවට සිය සංගමය අවධාරණය කරන බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට බලා‍පොරොත්තු වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.