gossip lanka

16 කණ්ඩායම පුළුල් සන්ධානයකට !

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන විපක්ෂ දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වී පුළුල් සන්ධානයකින් නව ජන වරමක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ '16 කණ්ඩායම' ප්‍රකාශ කරයි.

මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගන්නා බව ඔහු එහිදී අවධාරණය කළේය.

'ආණ්ඩුව පිරිසිදුවුණා' - නලීන් බණ්ඩාර

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුයේ, පිළිකා සෛල ඉවත් වු බැවින් දැන් නව ජවයකින් නැගී සිට ඉදිරි ගමනක් යන්නට ආණ්ඩුවට හැකි වන බවයි.

මාතෘ භූමියට ආසිරි වැසි ඇද වැටී සොබාදහමත් පෙන්නුම් කරන්නේ අත්තෙන් අත්තට පනිමින් සිටි “චොහොර කුරුල්ලන්” 16 දෙනා ආණ්ඩුවෙන් ගිය සතුටයැයි  ඔහු පැවැසීය.

මහා වැසි ඇද වැටීමෙන් මව් බිමේ කිළිකුණු සේදී යන්නා සේම ආණ්ඩුවට පිළිලයක් වු 16 දෙනා ධුරින්භුත වීමෙන් ආණ්ඩුවේ කිළි සේදී ගිය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.