gossip lanka

යාපනේ වලිකාමම් ඉඩම් අක්කර 683 ක් යුද හමුදාවෙන් නිදහස් කරයි..

යුද්දය හේතුවෙන් ආරක්ෂක අංශ භාරයේ තිබූ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර 683 ක් වසර 28 කට පසුව මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේස් සේනානයක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් හා යාපනය ආරක්ෂක
සේනා ආඥාපති මෙජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි යන අයගේ සහභාගීත්වයෙන් මෙම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීම සිදු වූවේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදීය.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍යාංශය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඒකාබද්ධව සිදු කරන ලද මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

නව අවුරුදු උදාව වෙනුවෙන් යාපනයේ වැසියන් වෙතට මුල් ඉඩම් ලබා දුන් අතර ඉදිරියේදී ඔවුන්ගේ ඉඩම් වල පිහිටි නාවාස යුද්දය හේතුවෙන් විනාශයට පත් වීඹ හේතුවෙන් එම නිවාස වෙනුවට අතුතින් නිවාස ලබා දීමටද රජය විසින් පියවර ගෙන ඇති බවට යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ