තමන් පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූයේ පක්ෂයේ තනතුරු බදාගෙන සිටිනා අනෙක් අයටද එසේ කිරීම සදහා පූර්වාදර්ශක් වීමට බව එජාප හිටපු මහ ලේකම් ඇමති කබීර් හෂීම් සදහන් කරයි.
පක්ෂ ප්‍රතිසංවිධානය ගැන මාධ්‍ය හමුවකදී කල විමසීමකදී එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැනයට පිලිතුරු නොදී කියා සිටියේ
‘මාතෘකාවෙන් පිට බෑ’ යනුවෙනි.
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් වෙතැයි පක්ෂයේ බහුතරයක් බලාපොරොත්තු වුවද එවැන්නක් සිදු නොවූ බව නියෝජ්‍ය ඇමති අශේක බේසිංහ මහතා සදහන් කරයි.
පාක්ෂික ඉල්ලීමට පක්ෂ නායකත්වය කන් දෙන්නේ නැති නම් එජාපයට ඉදිරි ගමනක් නැති බවද ඔහු පෙන්වා දෙයි.
තනතුරු බදාගෙන ඉන්න එපා.. ප්‍රතිසංවිධානය බොරුවක්.. පක්ෂයට ඉදිරි ගමනක් නෑ..- එජාපය යලි ඇවිලේ.. (Video)
2018-04-10T01:44:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|