gossip lanka

අමරවිරලා ආණ්ඩුව තුළ රැඳී සිටින හේතුව මෙන්න ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් මෙම ආණ්ඩුව තුළ රැඳී සිටින්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.

කෙසේ වෙතත්  ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව තුළ
තවදුරටත් සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.



විපක්ෂයේ අසුන් ගන්නවා - එස්. බී.

16 කණ්ඩායමේ ප්‍රකාශක, ශ්‍රී ලනිප භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා පවසන්නේ, සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ ඉදිරි තීන්දු ගත් විගස තමා ඇතුළු පිරිස විපක්ෂයේ අසුන්ගන්නා බවයි.

ශ්‍රී ලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වනවාද නැද්ද යන තීන්දුව එහිදී ගැනීමට නියමිත බවද ඔහු පැවැසුවේය.

විපක්ෂයේ අසුන් ගත්තද ජාතික රජයක් ගොඩනැඟීමේදී එකඟ වූ සියලු කාරණා සඳහා විපක්ෂයේ හිඳිමින් ජනාධිපතිවරයාට සිය සහාය දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


'' 16 කණ්ඩායම තීරණ ගන්නේ තම තමන්ගේ  උන්නතිය සදහා මිස වෙන කාරණයක් සදහා නොවේ'' - ආචාර්ය චරිත හේරත්

එස් බී දිසානායක මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'පොහොට්ටු' පක්ෂයේ දේශපාලන උපදේශකයකු ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ අංශාධිපති ආචාර්ය චරිත හේරත් මහතා පවසන්නේ, විශ්වාසභංගය හරහා "පන ගැට ගන්නට" උත්සාහ කරන 16 කණ්ඩායම ආණ්ඩුවේ "සිටීම" හෝ එයින් "ඉවත්වීම" යන කාරණා දෙකම කරන්නේ තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම්වලට  අනුව මිස පළල් මහජන සුභ සිද්ධිය පතා නොවන බවයි.

16 කණ්ඩායම 2015 අගෝස්තු මාසයේ ආණ්ඩුවට ගියේ හෝ දැන් එයින් එලියට එන්නේ පළල් ශ්‍රීලනීප අභිලාසය නිසා නොව තමන්ගේ පෞද්ගලික අභිලාසයන් නිසා බව ඔහු අවධාරණය කර සිටියි.

හිටපු  චරිත හේරත් මහතා  සිය FB  පිටුවේ එබව සඳහන් කර තිබේ.