gossip lanka

ජනාධිපතිතුමාට පක්ෂයත් නැතිවෙලා යන එනමං නැතිවෙනවා - නාමල් රාජපක්ෂ

තව අවුරුදු එකහමාරයි ජනාධිපතිවරණයට තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂයක් නැති වෙලා යන එන මං නැතිවෙලා තියෙනවා’ යැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල කාර්ල්ටන් නිවසේදී
මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

සන්ධානයේ මහලේකම්වරයා කියනවා පොහොට්ටුව දිනපු ප්‍රාදේශීය සභා වලට පාරවල් හදන්න සල්ලි දෙන්නේ නෑ කියලා. නිකන් මේ ආණ්ඩුව පහුගිය අවුරුදු තුනේ පාරවල් හැදුවා වගේ. පාරවල් තියා අඩුගානේ එක බෝක්කුවක්වත් හැදුවේ නෑ. පොහොට්ටුව දිනපු ප්‍රාදේශීය සභාවලට සල්ලි නොදී ඉන්නවා කියපු ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා කැබිනට් එක දාලා ගෙදර යන්න කියලා. 

තමන්ගේ ඇමැතිකම බේරගන්න බැරිවුණු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරගෙනත් ඇමැතිකම බේරගන්න බැරිවුණු ආණ්ඩුව අද කථා කරනවා රටේ සංවර්ධනය ගැන. මේ ආණ්ඩුවට රටේ සංවර්ධනය කරන්න උවමනාව තිබුණා නම් පසුගිය අවුරුදු තුනහමාරම තිබුණා ඒක කරන්න.  අවුරුදු තුනහමාරකට හදපු නැති පාරවල් මේ අවුරුදු එකහමාරට හැදෙන්නේ නැතැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.