gossip lanka

ලොක්කන්ට හැම්පර් සොයා OIC ලා ගමවටේ දුවයි !

සිංහළ අලූත් අවුරුදු උදාව නිමිත්තෙන් පොලිසියේ උසස් නිලධාරින්ට තැගී බෝග (හැමිපර්) ලබාදීම සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිදු විම නිසා මේ දිනවල පොලිසිවල රථ වාහන, දුෂණ මර්ධන, මත්ද්‍රව්‍ය නාශක, අපරාධ යන අංශවල නිලධාරින් ආදාළ මුදල් සෙවිමේ කටයුතු වල නිරතවෙමින් නඩු වෙනුවට බඩු හා මුදල් එකතු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෝ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරිවරුන්ට මෙසේ හැම්පර් ලබා දෙන බව වාර්තා වේ.

ඉහළ නිලධාරින්ගෙන් ලැබෙන විශේෂ පිළිගැනිම ලබා ගැනිම සදහා පොලිස් ස්ථානධිපතිවරුන් ඉහත තනතුරු අනුව පිළිවෙළින් රුපියල් 20000, 15000, 10000, 5000 වශයෙන් සුපිරි වෙළදසැල්වලින් ලබා ගන්නා හැම්පර් ලබාදෙන අතර ඒවායේ ඉහළ වර්ගයේ විස්කි, චිස් හා වියළි කෑම වර්ග අන්තර්ගතව තිබේ.

පහසුවෙන් නීතීයේ රැහැනට හසුවන අයගෙන් මේ සදහා මුදල් සොයාගැනීම සදහා පොලිස් නිළධාරින් කටයුතු කරමින් සිටින අතර විශේෂයෙන් බස්රථ හිමිකරුවන්, රියදුරන්, කුළිරථ නැවතුම් පොළවල්, තැබෑරුම් හිමියන්, අවන්හල් හිමියන්, කාමර කුළියට දෙන ස්ථාන, ගල්කොරි, වැලි තොටුපළවල්, ලී මෝල් හිමියන්, ලීබඩු සකසන වඩුමඩු, නීතී විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේන් මුදල් ලබාගන්නා බව වාර්තා වේ.