gossip lanka

ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න යෝජනා සම්මත කරනවා.. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා බලය ඇල්ලූ බව SB කියයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ඉන් පසු ශ‍්‍රීලනිප කිසිවෙකුට ආණ්ඩුව තුල සිටීමට හැකියාවක් නැති බවත් අවශ්‍ය කෙනෙකුට එක්සත්
ජාතික පක්‍ෂයට යා හැකි බවත් ඔහු සදහන් කලේය.

පසුගියදා පැවති මධ්‍යම කාරක සභාවේදීද එම යෝජනාව ගෙන ආවද එය අවසන් තීන්දුවක් නොගෙන කල් දැමූ බවද ඔහු සදහන් කරයි.

ඊයේ දිනයේ ඇමති ධුරවලින් අස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඇමති ධුරවලින් ඉවත් වීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කල බවත් ශ‍්‍රීලනිප මහ ලේකම් හා සන්ධාන මහ ලේකම්වරුන් පොඩි බබාලා බවත් ඔවුන් සමග සාකච්චා කිරීමේ කිසිදු උනමනාවක් නැති බවත් ඔහු කීය.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් කරන ලද ජාතික ආණ්ඩු ගිවිසුමද මේ වන විට අහෝසි වී ඇති බව ඇමතිවරයා සිහිපත් කරයි.