gossip lanka

පොහොට්ටුවට නායකයෙක් පත් කරන්න මහජන යෝජනා විමසයි.. මහින්ද උඩින්ම අනුමතයි.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට පෙර ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට නායකයෙක් පත් කර ගැනීමට තීරණය වී ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම යෝජනාව සාකච්චාවට ගත් අවස්ථාවේදීම පක්‍ෂ නායකත්වය සදහා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම ඒකමතිකව තීරණය වී ඇතත් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීම සදහා නායකයකු නම් කිරීම පක්‍ෂ සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව සිදු කිරීමට සාකච්චා වී තිබේ.

මෙරට ප‍්‍රධාන පක්‍ෂ දෙකේම නායකත්වය සම්බන්දයෙන් පාක්‍ෂිකයන්ගෙන් එල්ල වන දැඩි විරෝදය සැලකිල්ලට ලක් කරමින් පොදුජන පෙරමුණේ නායකයා මහ ජනතාවගේ කැමැත්ත අනුව පත් කල යුතු යයි තීරණය වී ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා එම පක්‍ෂ නායකත්වයට පත් වීම සම්බන්ධයෙන් කිසිවකු විරෝදය නොදක්වනු ඇති බවත් රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකත්වයට පත් වන තෙක් සියළු සාමාජිකයන් ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් එම පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

එජාප හා ශ‍්‍රීලනිප තුල ඇති අර්බුදකාරී තත්වය මත මහින්ද රාජපක්‍ෂ මහතා පොහොට්ටුවේ නායකත්වයට පත් වුවහොත් ඊළග මැතිවරණයන් සාතිශය බහුතරයකින් ජය ගැනීම ඉතා පහසු බවද ඔහු කීය.