gossip lanka

ආන්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අති බහුතරය කියති.. විරුද්ද 7-8 දෙනෙක් එජාපයට..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිවේ අති බහුතර පිරිසක් සදහන් කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනියේ ‘නිවුස් ලයින්’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව
කියා සිටියේය.

ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කලහොත් පක්‍ෂයේ 7-8 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බව ස්ථිර යයිද ඔහු එහිදී කීවේය.

පක්‍ෂයේ වගකීමක් දුන්හොත් එය බාරගෙන වැඩකිරීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.