gossip lanka

එජාපය තනි ආණ්ඩුවකට සුදානම් !

එම අමාත්‍යවරයා එබව කියා සිටියේ,  ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළහොත් එජාපය ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්දැයි 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදීය.

පසුගිය විශ්වාස භංගයේදී අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිවූ
ශ්‍රීලනිපයේ කිසිවකුට ආණ්ඩුවේ මැති ඇමතිකම් ලබා ගැනීමට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.

''තනි ආණ්ඩු බැහැ- මම රටට වගකිව යුතුයි" - ජනාධිපති 

කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, පාර්ලිමේන්තුවේ පවතින මන්ත්‍රී ධුරවල ව්‍යුහය අනුව "එකතු වීම තුළ මිසක් කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශයක් නොමැති බව" තමන් අගමැතිවරයාට පෙන්වා දී ඇති බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 06දා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී ය.

"විශ්වාසභංග යෝජනාව තුළ ඇතිවුන ප්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ මොන විධියේ දේශපාලන ප්‍රශ්න සහ අර්බුද ඇති වුනත් ජනාධිපතිවරයා විධියට මම රටට වගකිව යුතුයි" ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

එම වගකීම් ඉටුකිරීමේ දී රජය ශක්තිමත් කිරීමට තමා බැඳී සිටින බව පැවසු ජනාධිපතිවරයා, රටට වගකියන ජනාධිපතිවරයෙකු ලෙස රජය දුර්වල වීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.

"රජය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම අයෙකුට රජය සමග එක්විය හැකි අතර, ඒ වෙනුවෙන් තමා සියලුදෙනාට ආරාධනා කරන බවත්" ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.