gossip lanka

ජනවාරි 08 විප්ලවය අවසන්.. මැයි 08 විප්ලවය ඇරඹේ.. ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ ජනතා කර මතින් වේදිකාවේ..

ජනවාරි 08 විප්ලවය දැන් අවසන් බවත් අදින් පසු ආරම්භ වන්නේ මැයි 08 විප්ලවය බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මෙම විප්ලවය අවසන් කරන්නේ එජාප ආණ්ඩුව ගෙදර යවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු යයිද ඒ
මහතා සදහක් කරයි.

ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමෙන් පසු පාර්ලිමේන්තු වටරවුමේ පැවති පිලිගැනීමේ උත්සවය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තම කණ්ඩායමට බාර දෙන ලෙස පක්‍ෂයේ ලෙකම්වරුන් දෙදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

ආධාරකරුවන් විසින් මෙම පිරිස සිය කර මත තබාගෙන පැමිණීමද විශේෂත්වයකි.