gossip lanka

විග්නේෂ්වරන් TNA මන්ත්‍රීකම් එපා කියයි !

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදී මැතිසබයට පත් කිරීමට දෙමළ සන්ධාන නායකත්වය කළ යෝජනාවක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
තමන් ඊළඟ වර පාර්ලිමේන්තු යාමට අදහස් නොකරන බවත් මහ ඇමැති ධුරය සඳහා වෙනත් පක්ෂයකින් හෝ තරග කර උතුරේ ජනතාවට සේවය කරන බවත් විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධාන නායකත්වයට
දැනුම් දී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ අනුව දැනටමත් විග්නේෂ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

උතුරේ පක්ෂ නායකයන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, බටහිර රටවල දෙමළ ඩයස්පෝරාව හා උතුරේ සරසවි ශිෂ්‍යයන්ද විග්නේෂ්වරන් මහතාට සහාය දීමට දැනටමත් ඉදිරිපත්ව සිටින බව පැවසේ.