gossip lanka

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා - මහින්ද

මහ බැංකුව කොල්ලකාපු අය සමෘද්ධි බැංකුවත් කොල්ලකෑමට යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ඊයේ (07) පැවැති ඒකාබද්ධ මැයි රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කීවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 දී විශ්‍රාම නොයන බව
මඩකලපුවේදී ප්‍රකාශ කළා. එතුමා එසේ නොකර ආණ්‌ඩුවේ මේ මොහොතේ හෝ සිටින පිරිස රැකගැනීමට හැකියාවක්‌ නැතැයි ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

මේ ආණ්‌ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි 1 වැනිදා සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 7 වැනිදාට කල් දාපු එක ඒවගේම කියන්න ඕනෑ සුද්දගේ කාලයේ ටොරින්ටන් ආණ්‌ඩුකාරයා තමයි මේ රටේ වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්‌සෙ වත්මන් යහපාලන ආණ්‌ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්‌ඩුව විදියට හඳුන්වන්න පුළුවන් බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ ආපු මැයි රැළිය මේකයි. ගිය පාර මැයි රැලියෙන් අපි ආණ්‌ඩුව දණ ගැස්‌සුවා. මේ පාර ආණ්‌ඩුව බඩගාවන යුගයක්‌ පටන්ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුටත් කීවේය.

ඒකාබද්ද මැයි රැළියට සහභාගී වූ අති විශාල ජනතාවගෙන් ගාල්ල සමනල පිටිය මුළුමනින්ම පිරී ගොස් තිබිණ.