gossip lanka

කොළොන්නාව තොග නිමාවේ තවත් වංගුවක් : හොරා ඇමතිගෙ ඥාතියා

ඉන්ධන මිල ඉහළ දැමූ දිනයේ කොළොන්නාවේ පිහිටි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් (CPSTL) රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හලකට භූමිතෙල් බවුසර් 03ක් යවා ඇති බව හෙළිවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිවලින් වාර්තා වේ.

ලීටර් 6,600 බවුසර් තුනක් මෙසේ යවා ඇති බව පැවසේ.

ඉන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) සිදුව
ඇති පාඩුව ආසන්න වශයෙන් 1,128,600 / - කට වැඩි බව පැවසේ.

මිල වැඩිවීමට පෙර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 44/- ක් වූ අතර එය රුපියල් 101/- ක්  දක්වා ඉහල දැමුවේය.

ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව සිදු කළේ පසුගිය දහවැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය.

ඒ බව එදිනම උදෑසන ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කළේය.

එවැනි අවස්ථාවක, එනම් ඉන්ධන මිල ඉහළ දමන බවට නිවේදනය කළ අවස්ථාවේ සිට ඉන්ධන මිල සැබෑ ලෙස ඉහළ යන අවස්ථාව දක්වා දෛනික ඇණවුම් ක්‍රමයට (Same Day System) එනම් එදිනම ඇණවුම් කර එදිනම ඉන්ධන තොග විකිණීමේ ක්‍රමයට ඉන්ධන තොග නිකුත් කිරීම තාවකාලිකව අත් හිටු වේ.

එවැනි ක්‍රමයක් අනුගමනය කරන්නේ ඉන්ධනහල් හිමියන් විසින් වංචා සහගත ලෙස අඩුමිලට ඉන්ධන මිලදී ගෙන වැඩිමිලට පාරිභෝගියා වෙත විකිණීම වළක්වාලීමේ අරමුණිනි.

පාඩුව ඇමතිගේ ගාණනට වැඩියි !

කෙසේනමුත් පසුගිය දහවැනිදා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් දෛනික ඇණවුම් ක්‍රමයට ඉන්ධන බවුසර් 74ක් නිකුත් කර ඇති බව මූලික විර්ශනවලදී අනාවරණය වී ඇති බව විශයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියි.

ඒ කොලොන්නාව නිමාවෙන් බවුසර 52ක් සහ මුතුරාජවෙල නිමාවෙන් බවුසර 22ක් වශයෙන් බවද පැවසේ.

එයින් කොලොන්නාවේ නිමාවට රුපියල් 65,80, 200ක පාඩුවක්ද මුතුරාජවෙල නිමාවට රුපියල් 24, 68, 400ක පාඩුවක්ද සිදුව ඇතැයි ඇමතිවරයා කියා සිටී.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන ආකාරයට එදින අදාළ නිමාවන්වලින් බවුසර් 188ක් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වංචාවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) සිදුව ඇති පාඩුව ආසන්න වශයෙන් කෝටි පහකට වැඩි බව පැවසේ.

හොරකමේ මූලිකයා ඇමතිගෙ ඥාතියා

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) බෙදාහැරීම් ප්‍රධානියා ලෙස  කටයුතු කරන පුද්ගලයා යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ඥාතියකු බව පැවසේ.

ඔහු වසර ගණනක සිට අදාළ ධූරය දරණ බවද මේ අතර වාර්තා වේ.