gossip lanka

ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභයයි.. අපේ සුපිරිතම සම්පත ඔහුයි.. ජයග‍්‍රහණය සිකුරුයි..- ජනක බණ්ඩාර

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පාර්ශවයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි පරිසරයක් තුල ඒකාබද්දයට ඉදිරිපත් කල හැකි හොදම අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්ෂ
මහතා යයිද ඔහු පෙන්වා දෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා හැරුණු විට ඒකාබද්දයට සිටින සුදුසුම කෙනා සුපිරිතම සම්පත ගෝඨාභය රාජපක්‍ෂ මහතා යයිද ඔහු කියා සිටී.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට සුළු ජාතික ඡන්ද නොලැබෙන්නේ යයි පැවසීම මිත්‍යාවක් බවත් පෙන්වා දෙන ඔහු අද වන විට දෙමල මුස්ලිම් ජනතාව 2015 දී තමන් විශාල රැවටීමකට ලක් වූ බව පිලිගෙන ඇතැයිද කියා සිටී.

ඉතිහාසයේ මෙවන් අවස්ථාවක් කිසි දිනකෙ නිර්මානය වී නැති බවත් ​ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියළු ජනතාවගේ ඡන්දයෙන් දිනන එක ඒකාන්ත යයිද ඔහු වැඩි දුරටත් කියයි.