gossip lanka

ජනතාවට දැන් ඒ හැටි ප්‍රශ්න නෑ! - ඇමැති ජෝන් අමරතුංග

"ඔය කියන තරම්, හිතන තරම් ජනතාවට දැන් ඒ හැටි ප්‍රශ්න නැතැයි" සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

 බදු ප්‍රශ්න රටේ ජනතාවට තදින්ම බලපාන බව ජෝන් අමරතුංග ඇමැතිවරයාගෙන් අප ඇසූ ප්‍රශ්නයකට ඇමැතිවරයා එසේ පැවසීය.

 ඇමැතිවරයා මෙසේද පැවසීය. බදුවලින් ආණ්‌ඩුවට ආදායම් ලැබෙනවා.
බදු ප්‍රශ්න ජනතාවට තදින්ම දැනෙන්නේ නැහැ. දැන් මහා මාර්ගයේ වාහනවලින් පිරිලා. ඒ වගේම විනෝද ගමන් යනවා. මිනිස්‌සුන්ට ඔය කියන තරම් ප්‍රශ්න නැහැ. මොනවා කිව්වත් ආණ්‌ඩුව අපි දිගටම පවත්වාගෙන යනවා.

 විරුද්ධවාදීන් හැමදාම ආණ්‌ඩුව විවේචනය කරනවා. එයාලට ආණ්‌ඩුව පෙනෙන්නේ වැරැදි විදිහටයි

- දිවයින