gossip lanka

කීත් නොයාර් පැහැර ගැනීම : CIDය කථානායකගෙන් ප්‍රශ්න කිරීමට යයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායක කරු ජයසූරිය මහතා ගෙන් අද (15)  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ලබා ගැනීමට සුදානම් වන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම  සඳහාය.

කීත් නොයාර් මහතාගේ පැහැර ගැනීම පිළිබඳව එවකට ජනාධිපතිවරයාව
සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට මුලින්ම තොරතුරු ලබාදී තිබුණේ කරු ජයසූරිය මහතා විසිනි.

ඒ වන විට කරු ජයසූරිය මහතා රජයේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව තොරතුරු ලැබුණේ කෙසේද යන්න ඇතුළු තවත් ගැටලු කීපයක්‌ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.