gossip lanka

මැයි 18 වන තුරු ජනසංහාර සතියක් නම් කරයි.. ප‍්‍රභාකරන්ගේ මස්සිනා මිය ගිය අය සමරයි..

යුද සමයේදී මිය ගිය අය වෙනුවෙන් දෙමළ ජනතාවගේ ජනසංහාර සතිය වශයෙන් 12 වනදා සිට 18 වනදා දක්වා නම් කළ බවට උතුරු පලාත් සභා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) දින යාපනය චෙම්මනි හා
මන්නාරම් උයිලන්කුලම් යන ප්‍රදේශවලදී යුද්දයෙන් මිය ගිය අය වෙනුවෙන් ඇති ස්ථානයන්හි පහන් දල්වා මිය ගිය අය සිහිකිරීමේ අවස්ථාවන්ට සහභාගී වෙමිනි.

යාපනය චෙම්මිනි නිකලස් කතෝලික පල්ලිය ඉදිරිපිටදී හා මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේදී යුද්දයෙන් මිය ගිය ජනතාව වෙනුවෙන් පහන් දල්වා සිවාජිලිංගම් මන්ත්‍රී වරයා කියා සිටියේ,

සෑම වසරකම මැයි මස 12 සිට 18 වනදා දක්වා දෙමළ ජනතාවගේ ජනසංහාර සතිය වශයෙන් සිතා සියලු දෙමළ ජනතාව ශෝක සතියක් ලෙස කටයුතු කළ යුතු බවටත් මෙය ලෝක වාසි දෙමළ ජනතාවද සැමරිය යුතු බවටත් යුද්දයේදී අසීමිත දෙමළ ජනතාවක් මිය ගිය හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු විය යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ