gossip lanka

"2015 වසරේ කිරි ගවයින්ගෙනුත් ගසා කාලා" - හැරිසන්ට ගොවිජන සම්මේලනයෙන් චෝදනාවක්

2015 වසරේ කිරි ගවයින්ගෙනුත් ගසා කා ඇති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල්
කරුණාරත්න පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“2015 දී 2492ක් සඳහා කිරි ගවයෝ ගෙන්වීමට ඩොලර් මිලියන හැත්තෑ පන් ලක්ෂ හැත්තෑ හය දහස් එකසිය එකක් ඩොලර් මිලියන ඒ සඳහා වියදම් කරලා තියෙනවා. ඒ අනුව ඒ ගිවිසුම්ගත මුදලට වඩා ඩොලර්  9098ක් ගෙවලා තියෙනවා. රුපියල් වලින් ගත්තොත් දහතුන් ලක්ෂ විසි අට දහස් හයසිය අසූ හතක් වැඩියෙන් ගෙවලා තියෙනවා. වැඩියෙන් කොහොමද ගෙව්වේ කියන කාරණය විගණන වාර්තාවෙන් ප්‍රශ්න කරනවා, කොහොමද එහෙම ගෙව්වේ කියලා. ඊට පස්සේ මේ ගෙන්වපු ගවයින්ගෙන් 133ක් මැරිලා තියෙනවා. ඒ වගේම 142ක් ගැබ් ගත්තේ නැහැ.”

“ඒකෙන් 79ක් ගැබ් ගන්නේ නැති ගොඩට වැටිලා තියෙනවා. එතකොට මේ පාඩුව අද රජයට දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේක අසාර්ථක ව්‍යාපෘතියක් කියලා කියද්දී කැබිනට් මණ්ඩලය සංශෝධනය වෙන්නේ හෙට කියලා දැන දැන පත්තරේ දානවා ඇඩ් එක ඉතුරු හරක් 15,000 ත් ගෙන්වන්න. මේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ සියලුදෙනාට මේකෙන් කොමිස් ලැබෙනවා. පී.හැරිසන් දක්වා පහුගිය ආණ්ඩු කරගෙන ආපු අක්‍රමිකතාවයන්, හොරකම් ඒවා අල්ලන්න ආපු ආණ්ඩුව ඒවා දිගටම කරගෙන ගියපු එකේ ප්‍රතිපලයක් විදියට තමයි අද මේ තත්ත්වය අපි අත් දකින්නේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.