gossip lanka

ගුවන් තොටුපලේ 'හිරිහැරකාරයින්' හිරේ දානවා - ඇමති නිමල්

ගුවන්තොටුපලට පැමිණෙන මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කරන තැරැව්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා පවසයි.

එසේ වරදකරුවකු වන පුද්ගලයෙකුට රුපියල් 25000ක දඩයක් හෝ බන්ධනාගාරගත කිරීමක් නියම කෙරෙන නීතියක් ගෙන එන බව ප්‍රවාහන
හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මහතා විසින් සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (11) විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව සඳහන් කළේය.

“විශාල තැරැව්කරුවන් පිරිසක් ගුවන්තොටුපලේ තදබදය ප්‍රයෝජනයට ගෙන ගුවන්තොටුපලට ඇතුළු වෙනවා. විවිධ තැරැව්කාර කටයුතු  කරනවා. මේ නිසා විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා, ගුවන්තොටුපල පරිපාලනයට. මේ සඳහා අවශ්‍ය නිසි නීතියක් නෑ. මෙය නැවැත්වීමට විශේෂ නීතියක් සිවිල් ගුවන්සේවා පනත යටතේ ගේන්න ඕනේ.”

අමාත්‍යවරයා සඳහන් කල පරිදි 2015 වසරේ මිලියන 8.5ක්, 2016 වසරේදී  මිලියන 9.4ක්. 2017 වසරේදී මිලියන 9.9ක් ආදී වශයෙන් කටුනායක ගුවන් තොටුපලට මගින් පැමිණි තිබේ.

(radiogagana)