gossip lanka

රන්ජන්ගේ ආරක්ෂකයෙකුගෙන් මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන

සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් "මව්බිම" පුවත්පතේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලකට මරණීය තර්ජන කරමින් පහර දීමට උත්සාහ ගෙන ඇත.

ඉකුත් 16දා (පෙරේදා) රාත්‍රි නවයට පමණ අදාළ මාධ්‍යවේදියා රාජකාරි
කටයුතු නිමකර නිවෙසට යන අතරතුර පරුෂ වචනයෙන් බැන වදිමින් එම ආරක්ෂක නිලධාරියා පහරදීමට පැමිණ තිබේ. ඔහු සමඟ ඔහුගේ සහෝදරයන් දෙදෙනකුද මරණීය තර්ජන කරමින් මාධ්‍යවේදියාට පහරදීමට තැත් කර ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119ට පැමිණිලි කළ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් පොලිසිය කැඳවා තමන්ට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා තිබේ.

17 වැනිදා හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාද හමුවී මේ ගැන පැමිණිලි කර ඇති අතර හෝමාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. සැකකරුවන් ඇප මත නිදහස් කර තිබේ.