gossip lanka

එ්කාබද්ධයේ ප්‍රීති ඝෝෂා මැද රනිල්ට එරෙහි වූ නිදහස් පක්ෂයේ 16 දෙනා විපක්ෂයේ අසුන් ගත් හැටි (PHOTOS)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය.

සභාවේ කටයුතු ආරම්භ කිරීමට සීනුව නාද වන අවස්ථාවේ ආණ්ඩු
පක්ෂය දෙස සිට සභාව මැදින් විපක්ෂට ගොස් එම පිරිස අසුන් ගනු ලැබුවේය.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලද අසුන් ගනු ලැබූවේ විපක්ෂයේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ ප්‍රීති ඝෝෂා නගනු ලැබුවේය

විපක්ෂයේ අසුන් ගත් එස් බී දිසානායක, ජෝන් සෙනෙවිරත්න සහ සුමේධා ජී ජයසේනට පළමු පෙළ අසුන් හිමිවූයේ ජ්‍යෙෂ්ඨත්වය අනුවය.