gossip lanka

ජනාධිපති නියෝගයට පිටින් ඌවේ මහ ඇමති කරපු දේ, රාජ්‍ය ඇමතිනී පිළිගනියි ...!

දේශපාලන ක්ෂේස්ත්‍රය තුල පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් ජනාධිපතිවරයාගේ නියෝගයට පිටින් පිටස්තර පුද්ගලයන් 3 න් දෙනෙකු විදේශ සංචාරයකට පිටත් කර යවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම විසින් පිිළිගෙන තෙබෙනවා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද
විජේසිරි විිසින් මතුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ විදේශ අධ්‍යාපන චාරිකාවට යවනවා නම් පළාත් සභාවේ මහජන නියෝජිතයින් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් පමණක් යොදා ගැනීමට ජනාධිපතිවරයා නියෝග කර තිබූ බවත්, මහ ඇමතිතුමා ආණ්ඩුකාරවරයාගේ අවසරය මත මෙලෙස  බාහිර පුද්ගලයින් විදේශ සංචාරයකට යොමු කර ඇති බවත්ය.