gossip lanka

2015 අපි මහින්දට පල කීවා… අවුරුදු තුනක් යන්න කලින් අපි මෛත්‍රීපාලට කියනව දැන් පල

ජනාධිපතිවරයා ජනතාව භාරදුන් කටයුත්ත නොකර අනෙක් සියලූම වැඩ කරන බවත් ඉදිරි මැතිවරණයේ දී හොඳින් හොයා බලා හොඳම බුලට් ගෙන එන්නට පුරවැසි බලය සුදානම් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පැවැසූහ. .

උන්වහන්සේ මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ
දී පුරවැසි බලය සංවිධානය විසින් ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවන් අමතමිනි.

මහින්ද රාජපක්ෂ ගේන්න වේදිකාවට නැග්ගේ අපි. 2015 අපි එයාට පල කිව්වා. 2015 දි මෛත‍්‍රිපාල සිරිසේන ගෙනාවේ අපි. අවුරුදු තුන යන්න කලින් අපි පල කියනවා.

ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා. බලාපොරොත්තු වුන, කරන්න කියල දුන්න වැඩ මොකවත් කරන්නේ නැහැ. අපි කිව්වේ මේක හදල යන්න කියලයි. කරන්න කියපු කිසි දෙයක් කළේ නැහැ. වෙනත් දේවල් කර කර තව ඉන්නයි හදන්නේ.