gossip lanka

පුතාට රිය අනතුරක් - ගම්මන්පිල ඕස්ට්‍රේලියාවට

පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට මේ මස 19 වනදා සිට මසක කාලයක් විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද අවසර ලබා දුන්නේය.

ඒ අනුව ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කළ
මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස නියෝග කළේය.

තමාගේ අවුරුදු 10ක් වයසැති පුත්‍රයා ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටින බැවින් ඔහුව බැලීම යාම සඳහා අවසර ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇත.