gossip lanka

16 කණ්ඩායම ගෝටා හමුවේ.. ඒකාබද්ද ක‍්‍රියාමාර්ග සූදානම්..

ආණ්ඩුවේ ඇමති ධුර අතහැර විපක්‍ෂයට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්චාවක් අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතය.

මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රැදී සිටින
මිරිහාන නුගේගොඩ පිහිටි නිවසේදීය.

ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩු විරෝධී ජනමතයක් ගොඩ නැඟීම ගැන එහිදී සාකච්චා කිරීමට නියමිතය.

මෙම කණ්ඩායම ඉදිරියේදී මහජන එක්සත් පෙරමුණ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වන පක්‍ෂ සමගද සාකච්චා කිරීමට නියමිතය.