gossip lanka

ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් මුදල් ගත්තාදැයි ජනපතිගෙන් ප‍්‍රශ්න කරයි…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු ජනාධිපතිතුමනි

ජනාධිපතිවරණය සදහා මුදල් ලබා ගැනීම.

දූෂිත බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන
ආලෝසියස්ට අයත් සමාගම් කිහිපයකින් දේශපාලකයින්ගේ මැතිවරණ ව්‍යාපාර සදහා මුදල් ලබා ගත් බවට මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

 ඒ අනුව තමන්ගේ මැතිවරණ කටයුතු සදහා අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගමකින් මුදල් ලබා ගත් බව  දේශපාලකයින් කිහිප දෙනෙකු මේ වන විටත් පිළිගෙන ඇත.

 2018-06-10 දින  අමාත්‍ය සරත් ‌ ෆොන්සේකා මහතා මාධ්‍යට පවසන්නේ ජනාධිපතිවරණය සදහාද අර්ජුන ඇලෝසියස්ට අයත්  සමාගම් වලින් මුදල් ලබා ගෙන තිබීමට හැකියාවක් ඇති බවයි. ඒ අනුව අප ඔබ තුමාගෙන් පහත සදහන් ඉල්ලීම කරමු.

2015 ජනාධිපතිවරණය සදහා අර්ජුන ඇලෝසියස්ට හෝ ඔහුට සම්බන්ධ  සමාගම් වලින් මුදල් ලබා ගෙන ඇත්නම් හෝ උක්ත සමාගම් වලින් මුදල් ලබා ‌ෙගන නැතිනම් ඒ පිළිබදව ප්‍රකාශයක් කරන ලෙස.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය