gossip lanka

මෛත්‍රීගේ හෙලිකොප්ටරයට ලලිතාගේ වහලෙ ගිහින් !

පසුගියදා ජනාධිපතිවරයා හාළිඇල නගරයට ගිය අවස්ථාවේ ඔහු ගමන්ගත් හෙලිකොප්ටරය ගොඩබැස්වීමේදී ඇති වූ අධික සුළං පහර හේතුවෙන් තම සේවා ස්ථානයේ වහලට දැඩි හානි සිදු වූ බව එම හෙලිකොප්ටරය ගොඩබැස්වූ ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි 'සුවජීව ආයුර්වේද බෙහෙත් ශාලාවේ' හිමිකාරිනි ආයුර්වේද වෛද්‍ය ලලිතා රංජනී
මහත්මිය චෝදනා කරයි.

හාලිඇළ නගරයේ ස්ථාපිත කෙරුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරුණු අවස්ථාවට ජනාධිපතිවරයා මෙසේ සහභාගී විය.

එම හෙලිකොප්ටරය ගොඩබස්වන අවස්ථාවේ විශාල දූවිල්ලක් පතුරුවමින් ඇති වූ අධික සුළං පහරින් සිය බෙහෙත් ශාලාවේ වහලයේ සෙවිලි තහඩු ගැලවී ඇතුළට දූවිල්ල පිරුණු අතර ඉන් ඇති වූ පීඩනය මත සිවිලිමටද හානි සිදු වූ බවත් එම අවස්ථාවේ ප්‍රතිකාර ලැබීමට පැමිණි රෝගීන් දස දෙනකු පමණ බෙහෙත් ශාලාව තුළ සිටි බවත් මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළ බවත් වෛද්‍යවරිය කියා සිටී.

(මව්බිම)