gossip lanka

මහා මාර්ගයේ රැස්වීමුත් ආදායම් මාර්ගයක් කරගත් නිලධාරීන් !

මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් සදහා ලබා දෙන පැමිණීමේ දීමනාව ලබා ගැනීම සදහා ඊට සහභාගිවීය යුතු නිලධාරින්ට අමතරව තවත් විශාල නිලධාරීන් පිරිසක් සහභාගි වන බව වාර්තා වේ.
මෙවැනි සමාලෝචන රැස්වීම් සඳහා සහභාගිවිය යුතුවන්නේ ප්‍රධාන තනතුරු දරණ නිළධාරින් පමණක් වුවද, ඊට එක් එක් අංශ නියෝජනය කරනු ලබන නිලධාරින් ද සහභාගිවීම මේවන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.


ඒ අනුව මෙවැනි රැස්වීමකට සීය පන්නා නිලධාරීන් එක්වන බවද පැවසේ.

එසේ සහභාගි වන අයට රුපියල් 4000ක පමණ දීමනාවක් ලබා දෙන බව ද වාර්තා වේ.

මේ අතර මාස තුනකට වරක් පැවැත්විය යුතු රැස්වීම් මාස්පතා පවත්වන බවද පැවසේ.