gossip lanka

මෛත්‍රිගෙන් කබීර්ට අභියෝගයක්… බැදුම්කර සල්ලි නොගත්තේ නම් දිවුරුම් පෙත්සමක් ඉල්ලයි..

පසු ගියදා මහත් අන්දෝලනයට ලක්වු බැඳුම්කර සිදුවීමට අදාලව පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමෙන් සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම් මගින් මුදල් ලබාගත් දේශපාලාඥයින්ට අදාලව රට තුල මහත් ආන්දෝලනයක් ඇති විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කැරළිකාර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කලක් කටයුතු කරමින් එක්සත් ජාතික
පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙසටත් එක්සත් ජාතික පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලයක් කොට ඉන් ඉවත් කළ නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ වර්ථමාන එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයා ලෙස කටයුතු කරන කබීර් හෂීම් අමාත්‍යවරයාට බරපතල චෝදනාවක් එල්ල කලේය.

එනම් කබීර් හෂීම් ඇමතිවරයාට හැකිනම් පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමෙන් හෝ ඊට අනුබද්ධ සමාගමකින් හෝ මුදල්/තෑගි හෝ වෙනයම් සන්තෝෂමක් ලබා නොගත්තේ නම් ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කරන ලෙසයි.

නමුත් මේ වනතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා ඊට සාර්ථක පිළිතුරක් ලබාදී නොමැති අතර, මේ වන විට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා විසින් කබීර් හෂීම් ඇමතිවරයාට ලිඛිතව එම අභියෝගය යොමුකොට ඇති බව වාර්ථා වේ.

ඒ ගුණරත්න මහතාගේ අත්සනින් කබීර් හෂීම් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනි. මේ වන විට මාධ්‍ය සඳහා එම ලිපියේ පිටපත් ලැබී ඇති අතර, පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

මාධ්‍ය අංශය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ