gossip lanka

කඹුරුගමුවේ වජිර හිමියෝ ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්ට කණේ ඇගිලි ගහගන්නට දෙසති.. ඡන්දයකදී බැටේ දෙන බව කියති..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය 2015දී එක්සත් ජාතික පක්‍ෂය සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීම නිසා ශ‍්‍රීලනිපය ඉතිහාසයේ රැකගත් දේවල් බරපතල ලෙස අහිමි වූ බවත් අහිමි වෙමින් පවතින බවත් මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ පවසති.

ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස
මහතා උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පල කලහ.

රටට ආදරය කල තමන් ඇතුළු පිරිස මෙම වසර දෙක තුන තුල බරපතල අපහසුතාවයකට කණස්සල්කට පත් වූ බවත් උන් වහන්සේ කියා සිටියහ.

ශ‍්‍රීලනිපයේ සමස්ථ ලංකා කාරක සභාවද නියෝජනය කරන තමන් වහන්සේ 2015න් පසු ශ‍්‍රීලනිප මූලස්ථානයේ පය තබා නැති බවත් ඉදිරි මැතිවරණයකදී කරන්න ඕනෑ දේ කර පෙන්වීමට සූදානම් බවත් ‘අපට නැතිවෙන්න දෙයක් නෑ. නමුත් මේ රට තියෙන්න ඕන’ යයිද උන් වහන්සේ පැවසූහ.