gossip lanka

සයනයිඩ් කා මැරුණු පළමු කොටියා වෙනුවෙන් උතුරේ සිදුවූ දේ

LTTE සංවිධානය ක්‍රියාත්මකව පැවැති සමයේදී සයිනයිඩ් කා මියගිය පළමු කොටි මහවිරු සාමාජිකයා වූ පොන් සිවකුමරන් මියගොස් ඊයේට (05) වසර 44ක් පිරීම නිමිත්තෙන් ඔහු සිහිකරමින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් පහන් දැල්වීමේ
වැඩසටහනක් සංවිධානය කොට තිබෙනවා.

යාපනය උරුම්පිරායි පොදු වෙළෙඳසල ඉදිරිපිට පිහිටි පොන් සිවකුමරන් පිළිරුව ඉදිරිපිටදී ඊයේ උතුරු පළාත් මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් පහන් දල්වා මියගිය සිවකුමරන් සිහි කිරීමේ වැඩසටහනකට මෙලෙස එක් වුණා.

යුද සමයේදී LTTE සංවිධානය විසින් යාපනයේ පිහිටි බැංකු ආදිය කොල්ලකන කාල වාකවානුවේදී යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි බැංකුවක් කොල්ලකන බවට යාපනය පොලිසියට තොරතුරු ලැබී ඇති අතර පසුව පොලිසිය විසින් අදාළ බැංකුව වටලන අවස්ථාවේ දී එය කොල්ලකමින් සිටි පොන් සිවකුමරන් නමැත්තා පොලිසියට හසුවීමට යද්දී සයිනයිඩ් කරලක් කා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සයිනයිඩ් කා මියගිය පළමු සාමාජිකයා වශයෙන් පොන් සිවකුමරන් නමැත්තාගේ පිළිරුවක් උරුම්පිරායි ප්‍රදේශයේ ඉදිකොට තිබූ අතර යුද්ධය අවසන් වීමෙන් පසුව ආරක්‍ෂක අංශ විසින් එම පිළිරුව ඉවත් කරනු ලැබුවා.

එහෙත් 2017 වසරේදී සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් නැවත එම පිළිරුව ඉදිකොට තිබෙනවා.