gossip lanka

හොඳම ගොවියාව තෝරලා විදෙස් සංචාරයක් දෙනවා

ගොවිතැන් කටයුතු වල යෙදෙන විවිධ තරාතිරම් වල අයගෙන් දක්ෂයින් තෝරා ඔවුන්ට විදෙස් සංචාර ඇතුළු ත්‍යාග පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යංශය සුදානම් වනවා.

හොඳම ගොවියා, හොඳම සිසුවා, හොඳම කෘෂිකර්ම නිලධාරියා, හොඳම
ප‍්‍රාදේශීය නිලධාරියා ඇතුළු පිරිසක් තෝරා මෙම ත්‍යාග පිරිනැමිමට සුදානම් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

 ඉදිරි වසරේ සිට මෙම තරඟ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසුවා.

 තරුණ පිරිස් ගොවිතැනින් ඈත් වීමේ ප‍්‍රවනතාවක් පවතින බැවින් හා කෘෂිකර්මය කෙරෙහි ජනතාවගේ අවධානය වඩාත් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව අමරවීර පවසනවා.

 අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.