gossip lanka

මෛත්‍රී දිනවන්න, මහින්ද පරද්දන්න කෝටි 271 ක් වැයකරලා !

පසුගියවර ජනාධිපතිවරයා තෝරා ගැනීමට රුපියල් කෝටි 270 කට (රුපියල් 2,706,306,830/- ක්) වැඩි මුදලක් වැයකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති 2016 වාර්තාවට අනුව හෙළිව තිබේ.

එම මැතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් ලක්ෂ 62කට වැඩියෙන් ඡන්ද ලබා ගනිමින්
ජනාධිපතිවරයා ලෙස තේරීපත්විය.

එවකට බලයේ සිටි වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එහිදී පරාජයට පත්විය.

එම වාර්තාවට අනුව 2005 වසරේදී ජනාධිපතිවරයා තෝරා ගැනීමට කෝටි 71ක්ද, 2010 දී එය කෝටි 185 දක්වාද වැඩිවී තිබේ.

පසුගිය 2015 අගෝස්තු මාසයේදී පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරා ගැනීමේ ඡන්දය වෙනුවෙන් රුපියල් කෝටි 297 (රුපියල් 2,975,398,622/-) ක් වැයවී ඇති බව පැවසේ.

එසේම 2012 සිට 2014 දක්වා කඩින්කඩ පවත්වන ලද පළාත් සභා මැතිවරණ වෙනුවෙන් රුපියල් අසූදෙකෝටි හැත්තෑතුන් ලක්ෂ අසූහය දහස් තුන්සිය තිස්හයක් (2,827,386,336 ක්) වැය කර ඇත.