gossip lanka

හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට හින්දු කටයුතු භාර දීමට විරෝධය…

උතුරු  සංවර්ධන නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් යැයි ශ්‍රී ටෙලෝ සංවිධානයේ මහලේකම් පී.උදයාරාසා 
මහතා පැවසීය.

එහිදී උදයරාසා මහතා වැඩි දුරටත් කියා සිටියේ වත්මන් රජය බලයට ගෙන ඒමට වැඩි වශයෙන්ම සහය ලබා දුන්නේ උතුරේ දෙමළ ජනතාව බැවින් මේ වන විට උතුරේ දෙමළ ජනතාව ජනාධිපති වරයාට අමතක වී ඇති බවක් පෙනෙන්නට ඇති බවටද පැවසීය.

හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු  ධර්මය පිළිබද අල්ප මාත්‍ර දැනුමක් හෝ නොමැති අයෙකු හට  හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර මෙතුලින්  රජයේ වගකීම් විරහිත බව ඉස්මතු වන අතරම මෙවැනි ක්‍රියාවන් තුලින් කලින් පැවති රජයන්ට වඩා අධූරදර්ශ්‍රී ක්‍රියාවන් වත්මන් රජය විසින් සිදු කරන බවටද හෙතම කියා සිටියේය.

ජනතාව ගැන නොසිතා සිදු කරන මෙවැනි ක්‍රියාවන් වහා නවතා හින්දු කටයුතු  විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් උදයරාසා මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේද හවුල්කාර පක්ෂ විසින් මෙම නියෝජ්‍ය අමාත්‍යධූරය ලබාදීමට එරෙහිව දැඩි විරෝධය පල කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ