gossip lanka

යාපන සරසවි සිසුන් රුපියල ගානේ එකතු කොට හිගන මුදල් කියා ආපසු දෙයි..

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශ‍යේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීම වෙනුවෙන් පසුගිය මැයි 18වන දින පැවැත්වු සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභා විපක්ෂනායක ලබාදුන් රුපියල් 7000 මුදල පියවීම වෙනුවෙන් නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කරනු ලැබීය.

මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභාව නියෝජනය
කරන මන්ත්‍රීවරුන්ගෙන් රුපියල් 7000 බැගින් එකතු කොට තිබු අතර, අදාළ මුදල් එකතු කිරීමේදී පළාත් සභා විපක්ෂනායකවරයා මුදල් ලබාදී තිබූ අතර මුල්ලිවයික්කාල් සැමරීමේ සංවිධාන කටයුතු යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කිරීම හේතුවෙන් එම සැමරුමේ මුදල් කෙලෙස වියදම් කළේද යන්න සම්බන්ධයෙන් පළාත් සභා විපක්ෂනායක ආර්.තවරාසා මහතා විසින් පසුගිය පළාත් සභා සැසිවාරයේදී පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා තිබිණ.

අදාළ විමසීමේදී පළාත් සභා විපක්ෂනායකවරයා ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවසා තිබුණේ මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් විදේශගත ‍දමිළ ජනතාව මුදල් ලබාදි තිබුණේද යන්න පිළිඳවයි.

පළාත් සභා විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය හේතුවෙන් මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභා විපක්ෂනායකවරයා ලබාදුන් රුපියල් 7000 රුපියල බැගින් එකතු කිරීමට නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් කටයුතු කොට තිබිණ.

නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන්ගෙන් රුපියල බැගින් එක්කොට එකතු‍කළ මුදල බෑගයක දමා හිගන්නන්ට දෙන මුද්ල යනුවෙන් සඳහන් කොට උතුරු පළාත් සභා විපක්ෂනායක වෙත ලබාදෙන ලෙසට පවසා නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් අදාළ මුදල් රැගෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා වෙත භාරදීමට කටයුතු කළහ.

අදාළ මුදල රැගෙන පැමිණි නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් විග්නේශ්වරන් මහතා හරහා තවරාසා මහතා වෙත ලබාදීමට සාකච්ජා කොට ඇතත්, විග්නේශ්වරන් මහතා එහිදි පවසා ඇත්තේ තමන්ට එම මුදල් භාර ගැනීමට නොහැකි බැවින් විපක්ෂනායකවරයා වෙතම රැගෙන පැමිණි මුදල් ලබාදෙන ලෙසයි.

එහිදී එම මුදල් භාර ගැනීමට විපක්ෂ නායක වරයා නොපැමිණීම හේතුවෙන් එම මුදල් රැගෙන විපක්ෂ නායක වරයාගේ නිවසට නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් ගියද නිවසේ කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් එම මුදල් නිවසේ ඉදිරිපිට දමා ගොස් ඇති අතර පසුව එය දුටු විපක්ෂ නායක වරයා යාපනය පොලීසිය වෙතට ඇමතුමක් දී පවසා ඇත්තේ තම නිවස ඉදිරිපිට මුදල් තොගයක් දමා ගොස් ඇති බවටයි අනතුරුව එම මුදල් යාපනය පොලීසිය විසින් රැගෙන ගොස් ලේකනගත කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ